pase

Pages

News line

නවතම පුවත් ....... මේ පොසොන් මාසයේ ශ්‍රද්ධා පදනම මගින් වැඩසටහන් රැසක්.......... මේ සදහා ඔබටත් දායක විය හැකිය... මේ පිළිබදව ඔබත් දැනුවත් වීමට නම්.. අදම අදම අපව අමතන්න...

Tuesday, June 11, 2013

අන්තර් ජාලය හා විදුලි සන්දේශ ක‍්‍රමය

අන්තර් ජාලය හා විදුලි සන්දේශ ක‍්‍රමය


මෙය සමහර අවස්ථාවලදී හඳුන්වන්නේ ‘ජාලය’(net)යනුවෙනි. ලොවම සම්බන්ධ කරන පරිගණක මාධ්‍යයක් ලෙස ප‍්‍රකට මෙය මඟින් අන්තර්ජාලය භාවිතා කරන්නවුන් හට තොරතුරු ලබා ගත හැකි අතර තවත් අන්තර් ජාල භාවිතා කරන්නකු සමඟ කතා කිරීමට ද හැකියාවක් ඇත. මෙය ඇමරිකානු රජය මඟින් 1969 දී ස්ථාපනය කරන ලදී. අන්තර් ජාලය මඟින් අද වන විට එක තත්පරයක් තුළදී එකම සන්දේශ විවිධ ප‍්‍රදේශ පුරා යැවීමට ප‍්‍රමාණවත් තත්ත්වයක් උදා කර ඇත. මෙයට නිදසුනක් ලෙස කේබල් රූපවාහිනි ක‍්‍රමය පෙන්වා දිය හැකි ය. චන්ද්‍රිකා මඟින් සම්පෙෂණය කරනු ලබන මෙම ක‍්‍රමය අන්තර්ජාලය ඔස්සේ ලබා ගත හැකි ය.
ෆැක්ස් මැෂිම කළ මෙහෙයවිදුලි සන්දේශ පිටපත් කරණය යනු මුද්‍රිත පිටපතක් යම් තැනක සිට වෙනත් තැනකට යැවීම එසේත් නැතිනම් ඈතින් පිහිටි වෙනත් ස්ථානයකට යැවීමයි. මෙම යන්ත‍්‍රය මඟින් කඩදාසියක මුද්‍රණය කරනු ලබන දෑ Telephoneක‍්‍රමය මඟින් යම් සංකේත මඟින් සම්ප‍්‍රයේක්‍ෂණය කරයි. ප‍්‍රතිග‍්‍රාහක යන්ත‍්‍රය මඟින් මුල් ලියවිල්ලේ පිටපතක් මුද්‍රණය කෙරෙයි. ෆැක්ස් යන්ත‍්‍රය ස්කෑන් යන්ත‍්‍රයක්, මුද්‍රණයන්ත‍්‍රයක් සහ මොඩෙම් යන්ත‍්‍රයකින් සමන්විත වන අතර ෆැක්ස් සංකේත මත කි‍්‍රයාත්මක වේ.1980 දශකයේ අග භාගය දක්වා භාවිතා කරනු ලැබූ එක සහ දෙක කාණ්ඩ මඟින් පිටුවක් යැවීමට පිළිවෙලින් විනාඩි 06 ක් සහ 03 ක් ගත විය. එහෙත් තුන්වන කාණ්ඩයේ පිටුවක් සම්පෙ‍්‍ර්ෂණය සඳහා ගතවන කාලය වූයේ මිනිත්තුවකටත් අඩු කාලයකි. මෙහි භාවිය සම්පෙ‍්‍ර්ශිත දත්තය විනාඩියකට බයිට් 9600 කි. පසුව භාවිතා කරනු තුන්වන කාණ්ඩය වඩාත් ඉක්මන් වීමෙන් මෙහි ඇති කාර්යක්‍ෂමබව වර්ධනය විය. මෙම තුන්වන කාණ්ඩය DPI 203x98 සම්මත ක‍්‍රමයත්  203x196 සූක්‍ෂම ක‍්‍රමයත් 203x392 ආදී සූක්‍ෂ ක‍්‍රමයත් කි‍්‍රයාත්මක විය.දැනට මෙම තුන්වන කාණ්ඩය සාමාන්‍යව භාවිතා වන අතර හතරවන කාණ්ඩයේ යන්ත‍්‍රය 400x400 ක‍්‍රමය මඟින් තත්පර කිහිපයකදී පිටුවක් සම්පෙ‍්‍ර්ෂණය කරයි. මෙය විදුලි සන්දේශයේ නව පෙරළියක් ඇති කළ ක‍්‍රමයක් වේ.
චන්ද්‍රිකා තාක්‍ෂණයෙන් විදුලි සන්දේශයේ අනාගතයගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍ය, දුරකථන සන්නිවේදනය, කාලගුණ විද්‍යා තොරතුරු සහ ගවේෂණ, භූගෝලීය තොරතුරු ආදිය සඳහා පෘථිවි ස්ථාවර චන්ද්‍රිකා පහළ කක්ෂයන් හි ගමන් කරන චන්ද්‍රිකා මඟින් තොරතුරු අපට ලබා දෙයි.මේ අනුව චන්ද්‍රිකා යනු අපගේ සන්නිවේදනයට නැතුවම බැරි දෙයක් වී ඇත. විදුලි සන්දේශයේ ප‍්‍රමුඛ ස්ථානයක් හිමි වන දුරකථනයට මෙම තාක්‍ෂණය භාවිතා කර ඇත්තේ ඊ රේඩ්යම් නම් චන්ද්‍රිකා පද්ධතිය භාවිතා කිරීමෙනි. පහළ කක්ෂයක ගමන් කරන චන්ද්‍රිකා 77 ක් මඟින් ලොව එකම දුරකථන සන්නිවේදන ජාලයකට හසුකර තිබේ.විශාල ස්කන්ධයක් සහිත වස්තුවක් වටා අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණය හේතුවෙන් චලනය වන්නා වූ තවත් කුඩා වස්තුවක් චන්ද්‍රිකාවක් නමින් හැඳින් වේ.ලොව ප‍්‍රථම චන්ද්‍රිකාවෙන් සංඥා නිකුත් වූයේ 1957 ඔක්තෝම්බර් මස එක්තරා දිනකදී ය. පෘථිවියේ සන්නිවේදන මධ්‍යස්ථානවලට ග‍්‍රහනය වූ ‘බීප් බීප්’ නාදය නිකුත් වූයේ රුසියාව විසින් කක්ෂගත කරන ලද ස්පූට්නික් 1 නම් චන්ද්‍රිකාවෙන් ය. චන්ද්‍රිකා පණිවුඩ හුවමාරු සංකල්පයේ නිර්මාතෘ ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා වරක් පැවසුවේ මිනිසා සන්නිවේදන සත්වයෙකි. මිනිසාට ජලය, වාතය ආහාර නොමැතිව සුලු කාලයක් හෝ ජීවත් විය හැකි ය.එහෙත් සන්නිවේදනය නොමැතිව ඔහුට එක මොහොතක් හෝ පැවතිය නොහැකි බවයි. එම කියමන සනාථකරමින් අදවන විට මුළු විශ්වයේම තොරතුරු අප වෙතට ගෙන ඒමට චන්ද්‍රිකා තාක්‍ෂණ උපකාරී වී තිබේ.ලෝක ව්‍යාප්ත සන්නිවේදන ජාලයක් නිර්මාණය කිරීමට 1969 දී පියවර ගන්නා ලදී.එමඟින් ලොක ව්‍යාප්ත රූපවාහිනී සහ දුරකථන සන්නිවේදන ජාලයක් අත්ලාන්තික්, පැසිෆික්, ඉන්දියානු සාගරික කලාප යා කරමින් බිහි විය.1980 දී පමණ බිහි වූ බහු කිරණ ඇන්ටෙනා    හඳුන්වා දීමත් සමඟ සාමගාමී දුරකථන ඇමතුම් සහ රූපවාහිනී නාලිකා හසුකර ගැනීමේ ධාරිතාව වර්ධනය කර ගැනීමට හැකි වී තිබේ.

Saturday, June 1, 2013

PC Tricks in sinhala ඩෙස්ක්ටොප් පින්තූරයක් වෙනුවට වීඩියෝ එකක් දාන හැටි

ආයුබෝවන් හැමෝටම, ගොඩ කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරිවුනානේ. ඒ හින්ද අද පොඩි පෝස්ට් එකක් ගෙනාවා. ඒත් එක්කම අලුත් ටෙම්ප්ලේට් එකකුත් බ්ලොග් එකට දැම්මා. ඒක කොහොමද කියලත් කොමන්ට් එකකින් කියන්න. 
හරි, අද පෝස්ට් එකෙන් මොකද්ද වෙන්නේ. ඩෙස්ක්ටොප් පින්තූරයක් වෙනුවට වීඩියෝ එකක් දාන හැටියි අද පෝස්ට් එකෙන් මම පෙන්නන්න යන්නේ...


මේ සඳහා අපිට සහාය වෙන එකම ප්ලෙයර් එකVLC Media Player . ඒක කොම්පීටරේ දාල නැත්තං ගූගුල් සර්ච් එකක් දාල ඒක ඉන්ස්ටෝල් කරගන්න. ඒක ෆ්‍රී දෙන එකක් නිසා ලින්ක් එකක් දාන්න ඕන නෑ.. නේ...

හරි දැන් VLC එක Open කරලා Tools > Preference යන්න. පහළ තියන පින්තූරය හැටියට DirectX video output යන්න තෝරන්න.

pc-tricks-sinhala
Add caption
  • දැන් Save කරල VLC එක Close කරල ආයේ VLC ඕපන් කරන්න.
  • අවශ්‍ය වීඩියෝ එක ප්ලේ කරල, 

උඩ ටැබ් එකේ Video ක්ලික් කරල Set as Wallpaper (නැත්නම්DirectX wallpaper) යන්න ක්ලික් කරන්න.

එච්චර්යි වැඩේ. අවුලක් නම් කොමන්ට් එකකින් අහන්න. මේ පෝස්ට් එක ගැන කොමන්ට් එකක් දාන්න. 

අපේ ෆේස්බුක් පිටුවට ලයික් එකක් දාන්න.




Friday, May 31, 2013

ඔබගේ Skype Contact එක blog එකට add කරමු..

ඔබගේ Skype Contact එක blog එකට add කරමු..



අද ගොඩක් සම්බන්දතා පවත්වන්න පුළුවන් මාධ්‍යයක් තමයි skype කියන්නේ audio video , file transfer audio/video comference වන් වූ ගොඩක් පහසුකම් ඇති මාද්යක තමයි skype ඉතින් ඉහත දැක්වූ කාරණාවන් වලට හෝ වෙනයම් අවශ්‍යතාවයකට ඔබව සම්බන්ද කරගැනීමට කැමැත්තෙන් ඉන්න පුද්ගලයෙකුට ඔබව skype හරහා ඔබව
පහසුවෙන් සම්බන්ද කරගැනීමට ගැජට්ටුවක් අපි බ්ලොග් එකට දාගමු..

මුලින්ම පහත මෙතනින්  Skype Developer Area එකට යන්න .. ඊට පස්සේ .. පොඩ්ඩක් මවුස් එක පහල scroll කරල බලන්න පහලින් ඇති ඔබගේ skype name එක ඇතුල් කරන්න කියල තැනක්.(ඔබට skype account එකක් තිබිය යුතුයි)

පහත පින්තුරයේ ඇති පරිදි එතනට ඔබේ skype name එක ඇතුල් කරන්න ..


ඊට පස්සේ ඊට යටින් තියනවා ඔබව සම්බන්ද කරගන්න තැනැත්තා ඔබට call කරනවාද නැත්තන් text chat කරනවාද නැත්තන් ඒ දෙකම තෝරාගන්න පුළුවන් වෙන පරිදි .. යොදනවාද යන්න තෝරන්න .. එක ඔබට කැමති ආකාරයට තෝරන්න .. අවශ්‍ය විදියට හරි ලකුණ දමන්න .. ඊට පස්සේ ඔබ දමන ගජට්ටුවේ පාට සහ ප්‍රමාණය තෝරන්න තියෙන්නේ එකත් සුදුසු පරිදි තෝරාගන්න ..


දැන් ඉතින් ඔබට පහලින් code එකක් genarate වෙලා තියනවා පෙන්න ඇති.. ඔබගේ බ්ලොගියේ layout > Add a Gadget>html/java script  යන්න තෝරලා පහලින් genarate වෙලා තියන code එක past කරල save කරන්න .

නැතිනම් ඔබගේ contact page එකේ html යන කොටස තෝරා past කර save කරන්න ..