අන්තර් ජාලය හා විදුලි සන්දේශ ක‍්‍රමය
මෙය සමහර අවස්ථාවලදී හඳුන්වන්නේ ‘ජාලය’(net)යනුවෙනි. ලොවම සම්බන්ධ කරන පරිගණක මාධ්‍යයක් ලෙස ප‍්‍රකට මෙය මඟින් අන්තර්ජාලය භාවිතා කරන්නවුන් හට තොරතුරු ලබා ගත හැකි අතර තවත් අන්තර් ජාල භාවිතා කරන්නකු සමඟ කතා කිරීමට ද හැකියාවක් ඇත. මෙය ඇමරිකානු රජය මඟින් 1969 දී ස්ථාපනය කරන ලදී. අන්තර් ජාලය මඟින් අද වන විට එක තත්පරයක් තුළදී එකම සන්දේශ විවිධ ප‍්‍රදේශ පුරා යැවීමට ප‍්‍රමාණවත් තත්ත්වයක් උදා කර ඇත. මෙයට නිදසුනක් ලෙස කේබල් රූපවාහිනි ක‍්‍රමය පෙන්වා දිය හැකි ය. චන්ද්‍රිකා මඟින් සම්පෙෂණය කරනු ලබන මෙම ක‍්‍රමය අන්තර්ජාලය ඔස්සේ ලබා ගත හැකි ය.
ෆැක්ස් මැෂිම කළ මෙහෙයවිදුලි සන්දේශ පිටපත් කරණය යනු මුද්‍රිත පිටපතක් යම් තැනක සිට වෙනත් තැනකට යැවීම එසේත් නැතිනම් ඈතින් පිහිටි වෙනත් ස්ථානයකට යැවීමයි. මෙම යන්ත‍්‍රය මඟින් කඩදාසියක මුද්‍රණය කරනු ලබන දෑ Telephoneක‍්‍රමය මඟින් යම් සංකේත මඟින් සම්ප‍්‍රයේක්‍ෂණය කරයි. ප‍්‍රතිග‍්‍රාහක යන්ත‍්‍රය මඟින් මුල් ලියවිල්ලේ පිටපතක් මුද්‍රණය කෙරෙයි. ෆැක්ස් යන්ත‍්‍රය ස්කෑන් යන්ත‍්‍රයක්, මුද්‍රණයන්ත‍්‍රයක් සහ මොඩෙම් යන්ත‍්‍රයකින් සමන්විත වන අතර ෆැක්ස් සංකේත මත කි‍්‍රයාත්මක වේ.1980 දශකයේ අග භාගය දක්වා භාවිතා කරනු ලැබූ එක සහ දෙක කාණ්ඩ මඟින් පිටුවක් යැවීමට පිළිවෙලින් විනාඩි 06 ක් සහ 03 ක් ගත විය. එහෙත් තුන්වන කාණ්ඩයේ පිටුවක් සම්පේර්ෂණය සඳහා ගතවන කාලය වූයේ මිනිත්තුවකටත් අඩු කාලයකි. මෙහි භාවිය සම්පේර්ශිත දත්තය විනාඩියකට බයිට් 9600 කි. පසුව භාවිතා කරනු තුන්වන කාණ්ඩය වඩාත් ඉක්මන් වීමෙන් මෙහි ඇති කාර්යක්‍ෂමබව වර්ධනය විය. මෙම තුන්වන කාණ්ඩය DPI 203x98 සම්මත ක‍්‍රමයත් 203x196 සූක්‍ෂම ක‍්‍රමයත් 203x392 ආදී සූක්‍ෂ ක‍්‍රමයත් කි‍්‍රයාත්මක විය.දැනට මෙම තුන්වන කාණ්ඩය සාමාන්‍යව භාවිතා වන අතර හතරවන කාණ්ඩයේ යන්ත‍්‍රය 400x400 ක‍්‍රමය මඟින් තත්පර කිහිපයකදී පිටුවක් සම්පේර්ෂණය කරයි. මෙය විදුලි සන්දේශයේ නව පෙරළියක් ඇති කළ ක‍්‍රමයක් වේ.
චන්ද්‍රිකා තාක්‍ෂණයෙන් විදුලි සන්දේශයේ අනාගතයගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍ය, දුරකථන සන්නිවේදනය, කාලගුණ විද්‍යා තොරතුරු සහ ගවේෂණ, භූගෝලීය තොරතුරු ආදිය සඳහා පෘථිවි ස්ථාවර චන්ද්‍රිකා පහළ කක්ෂයන් හි ගමන් කරන චන්ද්‍රිකා මඟින් තොරතුරු අපට ලබා දෙයි.මේ අනුව චන්ද්‍රිකා යනු අපගේ සන්නිවේදනයට නැතුවම බැරි දෙයක් වී ඇත. විදුලි සන්දේශයේ ප‍්‍රමුඛ ස්ථානයක් හිමි වන දුරකථනයට මෙම තාක්‍ෂණය භාවිතා කර ඇත්තේ ඊ රේඩ්යම් නම් චන්ද්‍රිකා පද්ධතිය භාවිතා කිරීමෙනි. පහළ කක්ෂයක ගමන් කරන චන්ද්‍රිකා 77 ක් මඟින් ලොව එකම දුරකථන සන්නිවේදන ජාලයකට හසුකර තිබේ.විශාල ස්කන්ධයක් සහිත වස්තුවක් වටා අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණය හේතුවෙන් චලනය වන්නා වූ තවත් කුඩා වස්තුවක් චන්ද්‍රිකාවක් නමින් හැඳින් වේ.ලොව ප‍්‍රථම චන්ද්‍රිකාවෙන් සංඥා නිකුත් වූයේ 1957 ඔක්තෝම්බර් මස එක්තරා දිනකදී ය. පෘථිවියේ සන්නිවේදන මධ්‍යස්ථානවලට ග‍්‍රහනය වූ ‘බීප් බීප්’ නාදය නිකුත් වූයේ රුසියාව විසින් කක්ෂගත කරන ලද ස්පූට්නික් 1 නම් චන්ද්‍රිකාවෙන් ය. චන්ද්‍රිකා පණිවුඩ හුවමාරු සංකල්පයේ නිර්මාතෘ ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා වරක් පැවසුවේ මිනිසා සන්නිවේදන සත්වයෙකි. මිනිසාට ජලය, වාතය ආහාර නොමැතිව සුලු කාලයක් හෝ ජීවත් විය හැකි ය.එහෙත් සන්නිවේදනය නොමැතිව ඔහුට එක මොහොතක් හෝ පැවතිය නොහැකි බවයි. එම කියමන සනාථකරමින් අදවන විට මුළු විශ්වයේම තොරතුරු අප වෙතට ගෙන ඒමට චන්ද්‍රිකා තාක්‍ෂණ උපකාරී වී තිබේ.ලෝක ව්‍යාප්ත සන්නිවේදන ජාලයක් නිර්මාණය කිරීමට 1969 දී පියවර ගන්නා ලදී.එමඟින් ලොක ව්‍යාප්ත රූපවාහිනී සහ දුරකථන සන්නිවේදන ජාලයක් අත්ලාන්තික්, පැසිෆික්, ඉන්දියානු සාගරික කලාප යා කරමින් බිහි විය.1980 දී පමණ බිහි වූ බහු කිරණ ඇන්ටෙනා හඳුන්වා දීමත් සමඟ සාමගාමී දුරකථන ඇමතුම් සහ රූපවාහිනී නාලිකා හසුකර ගැනීමේ ධාරිතාව වර්ධනය කර ගැනීමට හැකි වී තිබේ.
