pase

Pages

News line

නවතම පුවත් ....... මේ පොසොන් මාසයේ ශ්‍රද්ධා පදනම මගින් වැඩසටහන් රැසක්.......... මේ සදහා ඔබටත් දායක විය හැකිය... මේ පිළිබදව ඔබත් දැනුවත් වීමට නම්.. අදම අදම අපව අමතන්න...

Saturday, June 1, 2013

PC Tricks in sinhala ඩෙස්ක්ටොප් පින්තූරයක් වෙනුවට වීඩියෝ එකක් දාන හැටි

ආයුබෝවන් හැමෝටම, ගොඩ කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරිවුනානේ. ඒ හින්ද අද පොඩි පෝස්ට් එකක් ගෙනාවා. ඒත් එක්කම අලුත් ටෙම්ප්ලේට් එකකුත් බ්ලොග් එකට දැම්මා. ඒක කොහොමද කියලත් කොමන්ට් එකකින් කියන්න. 
හරි, අද පෝස්ට් එකෙන් මොකද්ද වෙන්නේ. ඩෙස්ක්ටොප් පින්තූරයක් වෙනුවට වීඩියෝ එකක් දාන හැටියි අද පෝස්ට් එකෙන් මම පෙන්නන්න යන්නේ...


මේ සඳහා අපිට සහාය වෙන එකම ප්ලෙයර් එකVLC Media Player . ඒක කොම්පීටරේ දාල නැත්තං ගූගුල් සර්ච් එකක් දාල ඒක ඉන්ස්ටෝල් කරගන්න. ඒක ෆ්‍රී දෙන එකක් නිසා ලින්ක් එකක් දාන්න ඕන නෑ.. නේ...

හරි දැන් VLC එක Open කරලා Tools > Preference යන්න. පහළ තියන පින්තූරය හැටියට DirectX video output යන්න තෝරන්න.

pc-tricks-sinhala
Add caption
  • දැන් Save කරල VLC එක Close කරල ආයේ VLC ඕපන් කරන්න.
  • අවශ්‍ය වීඩියෝ එක ප්ලේ කරල, 

උඩ ටැබ් එකේ Video ක්ලික් කරල Set as Wallpaper (නැත්නම්DirectX wallpaper) යන්න ක්ලික් කරන්න.

එච්චර්යි වැඩේ. අවුලක් නම් කොමන්ට් එකකින් අහන්න. මේ පෝස්ට් එක ගැන කොමන්ට් එකක් දාන්න. 

අපේ ෆේස්බුක් පිටුවට ලයික් එකක් දාන්න.




No comments:

Post a Comment